රජයේ සේවකයින්ට ගෙවන අනතුරු සම්බන්ධයෙන් හිමිවන වන්දිය පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලැබෙන පරිදි 1934 අංක 19 දරණ සේවක ආඥා පනත සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සේවයට පැමිණෙන අවස්ථාවේ හෝ සේවය නිමකර නිවසට යන අවස්ථාවේ සිදුවන අනතුරු සම්බන්ධයෙන් රජයේ සේවකයන්ට ගෙවනු ලබන වන්දිය පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලැබෙන ලෙස සේවක ආඥා පනතේ වගන්තියක් සංශෝධනය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මීට අමතරව සේවයේ යෙදී සිටින අතරතුර සිදු වන අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් ලක්ෂ පහක වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
ඒ අනුව මේ සදහා වන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



