පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (10) පස්වරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් අලව්ව-පොල්ගහවෙල දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මඩකලපුවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් වන අතර මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙම ස්ථානයේ ඇති ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් අලුත්වැඩියා කටයුතු සඳහා වසා දමන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



