පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇති සාධනීය ලක්ෂන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නැති නම් ආණ්ඩුවේ බිඳවැටීමේ කොටස්කරුවන් වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම් නැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඊයේ (14) අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ ස්වයං සේවා යෝජකයින් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ වැරැදි කළමනාකරණය හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බවයි.
එමෙන්ම ඉන්ධන සඳහා ඇණවුම් කිරීම නිවැරැදි ක්‍රමවේදයක් යටතේ සිදු කර තිබුණ ද ජනතාවට දිනපතා ඉන්ධන පෝළිම්වල රැඳී සිටීමට සිදුවීම වැරදි කළමනාකාරීත්වය නිසා සිදු වන ප්‍රමාදයක් බවත් රජය ජනතාවගේ ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



