බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළට මත්පැන් බෝතල් දෙකක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටුමක් හේතුවෙන් බන්ධනාගාරයේ රාජකාරියේ නිරත විශේෂ කාර්ය බළකායේ 100 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන පිවිසුමේ රාජකාරියෙහි නිරතවන හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ භට පිරිසක් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු රහසිගතව රැගෙන යාමට උත්සහ කළ මත්පැන් බෝතල් සඳහා අවසර නොදීම හේතුවෙන් ඇති වූ බහින් බස් බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර සිද්ධියෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අදාල නිලධාරීන් සදහා ස්ථාන මාරු වීම් වලට අමතරව විනයානුකූල ක්‍රියාමාර්ග ද ගන්නා බව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා සඳහන් කළා.
ඒ අනුව හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



