ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ චැන් යොං රී සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡාව අද (15) පැවැත්වෙනවා.
ඔහු ඊයේ (14) දිනයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන අයදුම්කර නැති අතර ඉල්ලීමක් සිදු කළහොත් ඒ පිළිබඳව සලකා බලන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
කෙසේ වෙතත් අද දිනයේදී ජනාධිපතිවරයා හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම් වාර්තාව පිළිබඳ කරුණු දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



