චීනය තුළ දෛනිකව වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව අද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව පන් දහසකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඊයේ දිනයේ දී චීනයේ ඊසාන දිග පළාතේ පදිංචිකරුවන් මිලියන 24 ක් නිරෝධායනයට ලක් කර ඇත.
කොරෝනා වසංගතය ආරම්භයේ දී වූහාන් සහ හෙබෙයි නගර සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු චීනය සම්පුර්ණ පළාතක් වසා දැමූ පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ජිලින් නගරය, දකුණු ෂෙන්සෙන්, ලැන්ග්ෆැන්ග් සහ ඩොංගුවාන් යන නගරවල ඇඳිරි නීති පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම චීනය නගර කිහිපයක්ම වසා දැමීමත් සමග Toyota, Volkswage, Foxconn සහ Apple ඇතුළු බහු ජාතික සමාගම් කීපයක් ඒවායේ මෙහෙයුම් නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



