දේශීය මත්පැන් වල මිල ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අති විශේෂ ලේබලය යටතේ ඇති මිලිලීටර් 750 බෝතලය රුපියල් 100 කින් ද මිලිලීටර් 375 මත්පැන් බෝතලයක මිල රුපියල් 60 කින් ද මිලිලීටර් 180 බෝතලයක මිල රුපියල් 30 කින් ද ඉහළ නංවා තිබෙනවා.
එමෙන්ම මෙරට නිෂ්පාදිත බීර වර්ග වල මිල රුපියල් 10 කින් ඉහළ නංවා තිබෙනවා.
ඩොලරයේ අගය ඉහළ යාම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙලෙස මත්පැන්වල මිල ඉහළ දැමූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



