ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ නිරත වන පෞද්ගලික ටැංකි රථ හිමියන් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත්වී තිබෙනවා.
ප්‍රවාහන ගාස්තු සියයට 60% කින් ඉහළ දමන ලෙස පාලනාධිකාරියෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ රැස් වූ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළඹි බව පෞද්ගලික තැන්කි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා මහතා පැවසුවා.
ඉන්ධන මිල ඉහළ යාම, ඩොලරයේ අගය ඉහළ යාම මෙන්ම ලිහිසි තෙල් 70% කින් ඉහළ යාම සහ ටයර් මිල වැඩි වීම ඇතුළු කරුණු කිහිපයකට නිසි විසඳුමක් නොලැබීම නිසා මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීම සඳහා දැනට සේවයේ යෙදෙන පෞද්ගලික ටැංකි රථ ගණන 800ක් පමණ වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



