අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගත් විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 4000ක් පමණ පාරිභෝගිකයන් වෙත ලබාදී තිබෙනවා.
පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රන්න ප්‍රදේශයේ ගෑස් ගබඩාවක කන්ටේනර් දෙකක සහ ලොරි රථ දෙකක ගබඩා කර තිබියදී මෙම ගෑස් තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.
ඒ අනුව මෙම ගෑස් තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට භාර දීමෙන් පසු රන්න වාඩිගල තොග බෙදාහැරිමේ මධ්‍යස්ථානයේ දී සහ අඟුණකොළපැලැස්ස තොග බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ දී ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



