ලිට්රෝ සහ ලාෆ් සමාගම් විසින් අද (16) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇත.
ප්‍රමාණවත් ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් එම සමාගම් මෙම තීරණය ගෙන ඇති අතර ශ්‍රී ලංකාව තුළ පවතින බරපතළ ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් මිල දී ගැනීමට අවශ්‍ය ණයකර විවෘත කිරීමට නොහැකි වී තිබෙනවා.
මීට දින හයකට පෙර දිවයිනට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 30000 මේ වන විට බෙදාහැර අවසන් වී ඇති අතර ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගෙන පැමිණි නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතරකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට විශාලතම ගෑස් සපයන්නා වන ලිට්රෝ සමාගම දිනකට සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර 125,000ක් පමණ වෙළඳපලට නිකුත් කළ අතර ලාෆ් සමාගම දෛනිකව නිකුත් කළ ගෑස් සිලින්ඩර ප්‍රමාණය 40,000ක් පමණ වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



