මහ ජනතාව අත්විඳින කරදරකාරී ජීවිත රටාවන්ට විසඳුම් සෙවීම සඳහා දැඩි තීන්දු තීරණ ගන්නා බව මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.
එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීම මෙන්ම මිල වැඩිවීම, ගෑස් හිඟකම ඉන්ධන හිඟකම සහ විදුලිය ඇනහිටීම් ඒ තත්ත්වය පිළිබඳවත් පසුගිය මාස දෙක තුළ ජනතාව විඳි දුක් කම් කටයුතු පිළිබඳවත් තමා ඉතා හොඳින් දන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තමා වග වන අතර ඒ පිළිබඳ විශ්වාසය තබන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



