ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා සිටින ගෑස් නෞකා 2ක් සඳහා ගෙවීම් සිදුකර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව ගෑස් තොග ගොඩබෑම අද (17) සිට නැවතත් යථාතත්වයට පත්වනු ඇති බව වාර්ථා වනවා.
කෙසේ වෙතත් රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම නෞකා දිනය 11 තිස්සේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ නවතා තිබූ අතර මේ හේතුවෙන් ඊයේ (16) දිනයේ ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් විසින් ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරීම අත්හිටවනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



