ඉන්ධන මිල ඉහළ යාමත් සමග පෞද්ගලික ප්‍රවාහන සේවා භාවිත කළ ජනතාව අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය සේවාව භාවිත කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ප්‍රධාන දුම්රිය ස්ථානවල මෙම මාසය තුළ වාර්තා වූ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් වත්මන් තත්ත්වය සඳහන් කරමින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කළ බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළා.
ඒ අනුව පොල්ගහවෙල-කොළඹ කොටුව, මීගමුව-කොළඹ කොටුව, අලුත්ගම-මරදාන සහ අවිස්සාවේල්ල-කොළඹ කොටුව වැනි නාගරික ප්‍රදේශවල දුම්රිය සේවා සංඛ්‍යාව වැඩි කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මගීන්ගේ අදහස් ලබා ගනිමින් තනි බලවේග කට්ටල ද්විත්ව බලවේග කට්ටල බවට පත් කිරීම, මැදිරි සංඛ්‍යාව වැඩි කිරීම, අනවශ්‍ය දුම්රිය සේවා අවලංගු කිරීම සහ තාවකාලික කාලසටහන් හඳුන්වාදීම මෙන්ම නාගරික ප්‍රදේශවල දුම්රිය සේවා සංඛ්‍යාව වැඩි කරන ලෙස ද මෙම ලිපිය හරහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



