යුක්‍රේනයට එරෙහි යුද ක්‍රියාකාරකම් වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය විසින් රුසියාවට නියෝග කර තිබෙනවා.
ඒ අනුව සිය පාලනය යටතේ ඇති සියලුම හමුදා මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවිය විනිසුරුවන් විසින් ඊයේ (16) දිනයේ තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ මෙය විශාල ජයග්‍රහණයක් බවයි.
එමෙන්ම මෙම නියගය ජාත්‍යන්තර නීතියත් සමග බැඳී පැවතීම නිසා රුසියාවට විසින් මෙම නියෝගය වහාම පිළිපැදිය යුතු බවත් එසේ නොවුනහොත් රුසියාව තවදුරටත් හුදෙකලා කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



