දැඩි ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඔහුට අදාල කාර්යයන් අඛණ්ඩව ඉටු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් පෞද්ගලිකව දන්වා යවා ඇති බවයි.
එමෙන්ම මහ බැංකු අධිපතිවරයා පිළිබඳ තමා උපරිම විශ්වාස කරන බවත් රට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී ඔහු ප්‍රබල ශක්තියක් ලෙස ක්‍රියා කරන බවත් මෙම ලිපිය හරහා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



