උදෑසන කාලයේ දී බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම අද (18) පස්වරු 2.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට වැඩි තරමට තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



