ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගුවන් ගමන් ගාස්තු 10% කින් වැඩි කිරීමට සිදුවන බව ලොව දෙවන විශාලතම ගුවන් ගමන් සමාගම වන ඩෙල්ටා එයාර්ලයින්ස් හි ප්‍රධානි එඩ් බැස්ටියන් පවසයි.
රුසියාව විසින් යුක්රේනයේ ආක්‍රමණය කිරීමත් සමඟ ඉන්ධන මිල වසර 14කට පසු ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා.
එසේම එමිරේට්ස්, ජපන් එයාර්වේස් සහ එයාර් ඒෂියා ගුවන් යානා සමාගම්ද ඉන්ධනවල ඉහළ පිරිවැය පියවා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ටිකට්පත් සඳහා අධිභාර පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ජෙට් ඉන්ධන ලබා ගැනීම සඳහා ගුවන් සමාගම්වලට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් කලින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම වසරේ ජනවාරි මාසය ආරම්භයේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 ට වඩා අඩු වූ නමුත් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ලොව විශාලතම තෙල් අපනයනකරු වන රුසියාවෙන් තෙල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එය මෑතක දී ඩොලර් 130 ක් දක්වා ඉහළ ගියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



