රට තුළ කුමන ප්‍රශ්න තිබුණද නුවරඑළියෙ අප්‍රේල් සැණකෙළිය මෙවර පවත්වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.
නුවරඑළිය ක්‍රිකට් සංගමය විසින් ඊයේ සංවිධානය කරන ලද නුවරඑළිය ප්‍රිමියෝ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු කියා සිටියේ එම සැණකෙළියට විනෝද විනෝදාත්මක තරගමාලාවක් ද ඇතුලත් කරන බවයි.
එමෙන්ම මෙම සැණකෙළියට දුර බැහැරින් පැමිණෙන සංචාරකයින් සඳහා ආරක්ෂාව සැලසීමේ වගකීම පොලිසියට පැවරෙන බව ද බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙම අවස්ථාවට නුවරඑළිය කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ද සහභාගී වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



