පසුගියදා ඩුබායි හි පැවති UAE SWAT Challenge 2022 තරගාවලියේ දී ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේ SWAT කණ්ඩායම එම සංවිධානයේ ආරක්ෂක සහ හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂ මේජර් ජනරාල් අබ්දුල්ලා අලි අල් ගයිති විසින් ඇගයීමට ලක් ඇත.
ඩුබායි පොලිසිය විසින් සංවිධානය කළ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
සහකාර පොලිස් අධිකාරී කේශර රත්නවීරගේ නායකත්වයෙන් යුත් SWAT කණ්ඩායම් දෙකක් 2022 UAE SWAT Challenge නියෝජනය කළ අතර එහිදී රටවල් 24 කින් ඉහළ පුහුණුව ලත් කණ්ඩායම් 41ක් සිය උපායශීලී සහ විශේෂ ආයුධ කුසලතා පරික්ෂා කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



