ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය තැන වැරැද්ද නිවැරදි කරන්න විරෝධතා රැළිය හේතුවෙන් මරදාන ටෙක්නිකල් හංදියේ සිට පිටකොටුව දෙසට දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය දුම්රිය පොල ඉදිරියෙන් අවසන් අවසන්වීමට තිබූ මෙම විරෝධතාව මේ වන විට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
විරෝධතාකරුවන් එක්වරම ජනාධිපති කාර්යාලයේ තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී එම ස්ථානයේ යොදවා ඇති ආරක්ෂක අංශ සමග උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



