කල්පිටිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මෝටර් රථ පෙළපාලියට තම නම ඈදා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම මෝටර් රථ පෙළපාලියට තමා හෝ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එය පෞද්ගලික ධාවකයින්ගේ සමාජයක් විසින් සංවිධානය කර ඇති බවයි.
මෙම පෙළපාලිය සංවිධානය කිරීමේ දී කිසියම් දේශපාලන සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව පොලිසිය සොයා බැලිය යුතු අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් රට ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින මොහොතක වගකීමෙන් ක්‍රියා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



