බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි හිඟවීම හේතුවෙන් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විසින් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර ඇත.
රට තුළ පවතින ඩොලර් අර්බුදයත් සමඟ බිල්පත් මුද්‍රණය සඳහා කඩදාසි ආනයනය කරන සමාගම් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (බිල්පත්) පියල් පත්මනාථ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන්ට තම ගෙවීම් කටයුතු සිදුකිරීමට පෝලිම්වල රැඳී සිටීම වළක්වන ඩිජිටල් බිල්පත් ක්‍රම රාශියක් දැනටමත් හඳුන්වා දී ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



