එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත පාසල් වාර විභාග සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට මුද්‍රණය කිරීමට භාර නොදීම හේතුවෙන් වාර විභාග පැවැත්වීම දින නියමයකින් තොරව කල් යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.
පවතින ඩොලර් අර්බුදයත් සමග මුද්‍රණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු හේතුවෙන් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවී ඇති අතර නව පාසල් වාරය සඳහා අවශ්‍ය පෙළපොත් තවමත් මුද්‍රණය කර නැති බවයි ඔහු කියා සිටියා.
අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



