නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව ඊයේ (18) රාත්‍රි 8.00 සිට ජල සැපයුම අත් හිටුවීමට සිදු වූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 5, කොළඹ 6, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල, හිඹුටාන රත්මලාන සහ දෙහිවල- ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



