2022 එක්සත් ජාතීන්ගේ ලෝක සතුටු දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 127 වන ස්ථානයට පත්ව තිබෙනවා.
රටවල් 149ක් අතරින් පසුගිය වසරේ ශ්‍රී ලංකාව 129 වන ස්ථානයේ පසුවුණා.
ලොව සතුටින්ම සිටින රට ලෙස ෆින්ලන්තය නම් කර ඇති අතර ඇෆ්ගනිස්තානය එම ශ්‍රේණිගත කිරීම්වල අවසාන ස්ථානයට පත් ව ඇත.
එමෙන්ම නේපාලය 84 වන ස්ථානයේ ද බංග්ලාදේශය 94 වන ස්ථානයේ ද 121 වන ස්ථානයේ පකිස්ථානය ද 136 වන ස්ථානයේ ඉන්දියාවද පසුවනවා.
මෙම දර්ශකයේ පළමු රටවල් 20 අතර ආසියානු රටවල් නොමැති වීම විශේෂත්වයක්.
10 වන වරට එළිදක්වන ලද මෙම ලෝක සතුටු දර්ශකය මිනිස්සුන්ගේ සතුට පිළිබඳ ඔවුන්ගේම තක්සේරුව මෙන්ම ආර්ථික සහ සාමාජීය දත්ත මත පදනම් වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



