ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්වපාක්ෂික සමුළුවක් පවත්වන ලෙස යෝජනා කළේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පක්ෂ භේදයකින් තොරව එක් මේසයකට පැමිණ විසඳුම් සෙවිය යුතු බවයි.
එමෙන්ම රටේ සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වය ඒ සඳහා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව හිටපු ජනාධිපති වරයා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




