වාහන ආනයනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් යෝජනා ඉදිරිපත් කර තිබුණද මේ වන විට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තවේ දී පැවසුවා.
වාහන ආනයනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලින් තීරුබදු ගෙවා වාහන සිය රටට යැවීමට අවසර දීම සම්බන්ධයෙන් තමා මීට පෙර කළ යෝජනාව සලකා බලන ලෙසත් එමගින් ඉහළ යන වාහන මිල අඩු කරගැනීමට සහ රජයට ඩොලර් ලබා ගැනීමට උපකාරී වනු ඇති බවත් දොලවත්ත මන්ත්‍රීවරයා කියා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වාහන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවසර හිමි වන්නේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමෙන් පසුව බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




