රුපියල් ලක්ෂ 28 කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි කාන්තාවන් හය දෙනෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පස් වන මහලේ නිවසක් තුළ මහා පරිමාණයෙන් සිදු කළ මෙම ජාවාරම ඊයේ (22) පස්වරුවේ වැටලීමේදී ඔවුන් සතුව ග්‍රෑම් 188ක් බර හෙරොයින් පැකට් 1000ක් පමණ තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 37ත් 53 අතර පසුවන දෙමටගොඩ, මෝදර, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.
දැඩි ආරක්ෂාවක් මැද සිදු කරන ලද මෙම ජාවාරම තොටලග කුමාරී නැමැති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරිය විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද ( 23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




