ලොව අංක එකේ ටෙනිස් ශූරිය වන Ashleigh Barty වයස අවුරුදු විසි පහේදී වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ ක්‍රීඩා ලෝකය කම්පනයට පත්ව තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු ජාතික Barty පැවැසුවේ වෙනත් සිහින පසුපස ලුහු බැඳ යාමට තමාට අවශ්‍ය බැවින් තමා ඉතා සතුටින් ටෙනිස් පිටියෙන් නික්මෙන බවයි.
වසර 44ක් තුළ ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා හෝ පිරිමි ශූරතාව දිනාගත් පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා Barty වන අතර 2019 වසරේ ප්‍රංශ තරඟාවලියේ දී සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනා ගැනීමත් සමග ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලොව අංක එකේ ටෙනිස් ශූරිය ලෙස පසුවුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




