මෙරට තාප බලාගාරවලට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබා දුන්නද විදුලි අර්බුදය අවසන් නොවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පවසනවා.
ඔවුන් කියා සිටින්නේ මෙරට ඇති සියලුම තාප විදුලි බලාගාර මඟින් විදුලිය ජනනය කළ ද අඛණ්ඩව විදුලිය ලබාදීමට මෙගාවොට් 500 ක පමණ හිඟයක් තිබෙන බවයි.
ජලාශවල ජල මට්ටම පහළ යෑම නිසා ජල විදුලිය නිෂ්පාදනය අඩු වීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් හදිසි මිලදී ගැනීම යටතේ පෞද්ගලික ඩීසල් බලාගාවලින් මෙගාවොට් 200 ක් මිලදී ගත්තද අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වහාම අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදි කිරීමට යම් පොදු එකඟතාවකට පැමිණිය යුතු බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




