ඔටිසම් රෝගයෙන් පෙළෙන ඉන්දීය පැරා පිහිනුම් ක්‍රීඩිකාවක් වන ජියා රායි ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි හි අරිචල්මුනේ දක්වා පැය 13 කින් පිහිනා ගොස් නව වාර්තා වාර්තාවක් පිහිටු වීමට සමත්වුණා.
මුම්බායිහි ඉන්දීය නාවික නිලධාරියකු වන මදන් රායිගේ දියණිය වන රායිට වයස අවුරුදු දෙකේදී ඔටිසම් රෝගය වැඩ දී ඇති අතර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඇය පිහිනුම් පුහුණුව ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම ඇය පැයට කිලෝමීටර් 14 ක වේගයෙන් විවෘත ජලයේ පිහිනා ගිය සුවිශේෂීම කාන්තාව ලෙස ලෝක වාර්තාවට ද හිමිකම් කියයි.
ඉන්දියාවේ නාවික හමුදා පාසලේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි මෙම දැරිය විවෘත ජල පිහිනුම් අංශය යටතේ අවුරුදු 18ට අඩු ඉන්දියානු පුරවැසියන් සඳහා ලබා දෙන ඉහළම සම්මානය වන 2022 Pradhan Mantri Rashtriya Bal Puraskar සම්මානය ද හිමිකරගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





