රුසියානු යුක්රේන යුදමය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සෙසු බටහිර රටවල නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
ඒ අනුව ඔහු නේටෝ,ජී-7 සහ යුරෝපා සංගමයේ රැස්වීම් තුනටම සහභාගී වනු ඇති අතර බ්‍රසීලයේ පැවැත්වෙන යුරෝපා සංගම් සමුළුවකට එක්සත් ජනපද ජනාධිපතිවරයකු විසින් කරන පළමු සංචාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ බටහිර නායකයින්ගේ මෙම එක්සත්කම කලාතුරකින් දක්නට ලැබෙන්නක් බවයි.
මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි යුරෝපා සංගමයේ සහ නේටෝ රැස්වීම් සඳහා වීඩියෝ මාර්ගයෙන් සම්බන්ධ වන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




