ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමිපාණන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අක්තපත්‍ර ප්‍රදානය කෙරුණා.
ඒ අනුව අභිනව මහා නායක හිමියන් වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විජිනි පත ප්‍රදානය කරනු ලැබුවා.
බෞද්ධ පිළිවෙත් වෙනුවෙන් මහා නායක හිමියන්ගේ කැපවීම මහා සංඝරත්නයේ ගෞරවයට පාත්‍ර වන බවත් මකුලෑවේ විමල හිමියෝ සම්බුද්ධ ශාසනයටත් ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපතිවරයා පැවසුවා.
දේශීය මෙන්ම විදේශීය ධර්ම ප්‍රචාරණය සඳහා ඉමහත් සේවාවක් ඉටුකරන අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල හිමියෝ 1960 මාර්තු 24 වනදා මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන දී උපසම්පදාව ලැබූ අතර බුද්ධශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයෙන් ත්‍රිපිටකවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.
රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු දැරූ උන්වහන්සේ අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධුරයට පත් වුණා.
මකුලෑවේ විමල හිමියන් සද්ධර්ම කීර්ති ශ්‍රී, ශාස්ත්‍ර විශාරද , සාහිත්‍ය කීර්ති ශ්‍රී පරයතින්දර, ශාසන ශෝභන සහ සද්ධම්ම ජෝතික වැනි ගෞරව නාමයන් රැසකින් පිදුම් ලබා තිබෙනවා.
ඊයේ (24) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති මෙම උත්සවයට ත්‍රිවිධ මහා නිකායේ මහා සංඝරත්නය,ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා , විපක්ෂනායකවරයා, තානාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහා නායක හිමියන්ගේ ඥාතීන් ද එක්ව සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





