විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනාට මාරක අපල ඇති බව පවසමින් ශාන්තිකර්මයක් කරමින් සිටි අතරතුර රුපියල් ලක්ෂ 11ක් ලක්ෂ හතක් වටිනා රන් ආභරණ රැගෙන පළාගිය අහිකුණ්ඨික පුද්ගලයින් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මොවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අහිකුන්ඨක සාස්තරකරුවන් බවයි වාර්තා වන්නේ.
කොච්චිකඩේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික පවුලක් රවටා සති දෙකක කාලයක් පුරා ඔවුන්ගේ නිවසේ ශාන්තිකර්මයක් ද සිදුකර ඇති අතර අවසන් ශාන්තිකර්මය සඳහා පූජා වට්ටිවලට ස්වර්ණාභරණ සහ මුදල් තැබිය යුතු බව මොවුන් පවසා තිබෙනවා.
ඒ අනුව අලුයම් කාලයේ දී මෙම අහිකුණ්ඨික පිරිස මුදල් සහ රන් ආභරණ රැගෙන පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




