බ්‍රසීලයේ පැවති යුරෝපීය කවුන්සිලයේ සමුළුව අමතමින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියානු ආක්‍රමණය වැළැක්විමට යුරෝපය ප්‍රමාද වූ බවයි.
සම්බාධක පැනවීමේ තීරණය මීට පෙර ගත්තේ නම් රුසියාව යුද්ධයකට නොයනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මෙම සමුළුව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා රුසියානු ප්‍රහාරවලින් තම රටට සිදුවන සිදු වන හානිය විස්තර කළ අතර යුක්රේනයට සහයෝගය දැක්වීම වෙනුවෙන් යුරෝපයට සිය ස්තුතිය පල කළා.
එමෙන්ම යුක්රේනය යුරෝපා සංගමයට බැඳීමට කළ ඉල්ලීම අනුමත කරන ලෙස ඔහු අසල්වැසි රාජ්‍ය නායකයින් ගෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




