ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමි කිරීම ඉතා පහසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ නිසි කලට නිසි ලෙස ඔවුන්ගේ බලය පෙන්වන අතර ඉවසීමෙන් බලා සිටිනා ලෙසයි.
"ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අරන් තියෙන උපරිම ගණන 156යි.ඒකෙන් දැන් ඇමතිවරු තුන්දෙනෙක් නැහැ.එතකොට 153යි.පක්ෂ 11 තුළ මන්ත්‍රීවරු 30ක් ඉන්නවා.ඒකත් අඩු කළාම 123යි.පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න 112ක් වෙන්න ඕනේ.123 යි 112යි අතර පරතරය 11යි.පොහොට්ටුවේ මන්ත්‍රීවරු 11කට වඩා දැනටමත් අපිට සහයෝගය පළ කරලා තියෙනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




