නොරොච්චෝලේ මෙගාවොට් 270 ක බලාගාරයක කාර්මික බිඳ වැටීමක් සිදුවී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනටමත් එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර බලාගාරයයි යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 5ක කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ.
මේ අතර තාප හා ජල විදුලි බලාගාර භාවිතයෙන් දැනට පවතින දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව කළමනාකරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




