එළඹෙන 6 වන දා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට කිසිදු සහයක් ලබා නොදෙන බව අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයින් පවසනවා.
පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මහජනතාව අපහසුතාවට පත් කරමින් සිදු කරන මෙම ක්‍රියාව මගින් වත්මන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැර වෙන බව ඔවුන් කියා සිටියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවක් අතරතුර ඔවුන් මෙම අදහස් පළ කළා.
එම නියෝජිතයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම වැඩවර්ජනය සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාව මත සිදු කෙරෙන්නක් බවයි.
මේ අතර පසුගිය 28 වනදා පැවති වැඩ වර්ජනය වැඩවර්ජනය නොතකා තම රාජකාරි ඉටුකළ ඉටුකළ සෙවකයින්ට ජනාධිපතිවරයා ස්තූතිය පුද කළ අතර ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




