ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනා දෙකක් කතානායක කතානායකවරයාට කතානා කථානායකවරයාට භාර දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
කථානායක නිල නිවසේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ (03) පස්වරුවේ මෙම විශ්වාසභංග යෝජනා භාර දී ඇත.
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ,
"අද දින අපි, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයටත් විරුද්ධව විශ්වාසභංග දෙකක් කථානයකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. අපි අදහස් කරනවා ඊළඟ දිනයේ සිටම හැකි ප්‍රථම අවස්ථාවේදීම මේවා විවාදයට භාජනය කොට ඡන්දයකට යොමුකරන්නට කථානායකවරයා විසින් ඉක්මනින්ම කටයුතු කරයි කියලා.""ඒ වාගේම මේ විශ්වාසභංග යෝජනාවලට පක්ෂ, විපක්ෂව මහජන නියෝජිතයින් සිටින ආකාරය අනුව ඒ අය කොයි පැත්තේද සිටින්නේ කියලා දැනගන්න පුළුවන් වෙයි."
"දුක්විඳින ජනතාවගේ පැත්තේද? එහෙම නැතිනම් රට විනාශ කරන ආණ්ඩුව පැත්තේද? කියලා."
"ඒ තීන්දුව ගැනීමේ අවස්ථාවත් ඒ තීන්දුව ගත් මහජන නියෝජිතයින්වත් රටට පෙන්නුම් කරන අවස්ථාවක් බවටත් මෙය අපිට හඳුන්වන්න පුළුවන්."

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






