සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන බව තමාට විශ්වාස බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් තමාට සහාය පළ කරන අතරම අග්‍රාමාත්‍ය ධූරයට සහ දැනට පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාදීමට ද අමාත්‍යවරුන් ප්‍රතිඥා ලබාදී ඇති බවයි.
එමෙන්ම අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා අස්වීමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ජනාධිපතිවරයා තමාට ඉවත් වන ලෙස ඉල්ලා සිටියහොත් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊයේ (03) පස්වරුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දුන්නා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




