ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ (03) දිනයේ දූෂිත ගණුදෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමින් තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




