පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ශ්‍රී ජිනධර්මදාන විදුහලේ විදුහල්පති කාර්යාලයට සහ පරිගණක විද්‍යාගාරයට ගිනි තබා විනාශ කිරීමට සැකපිට එම පාසලේ අවුරුදු 12 සහ 09 වන වියේ පසුවන දරුවන් දෙදෙනෙක් පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා පාසලට පැළඳ ගෙන ආ අත් පළදනාවක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් ලබාදුන් දඬුවමකට උරණ වී විදුහල්පතිවරයාගේ අසුනට ගිනි තැබීමට ඔවුන් දෙදෙනා කතිකා කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ගින්න ඇති වන අවස්ථාවේ පාසල වසා දමා තිබී ඇති අතර පාසල ගිනිගනිමින් තිබෙනු දුටු ප්‍රදේශවාසීන් එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.
ගින්නෙන් පරිගණක විද්‍යාගාරයේ තිබූ පරිගණක විස්සකට අධික ප්‍රමාණයක් සහ ඒවායේ උපාංග, විදුලි පංකා, පෙළපොත් විශාල ප්‍රමාණයක් විදුහල්පතිවරයාගේ පුටුව සහ කුසලාන රැසක් ද විනාශ වී ඇති බව පොලීසිය පවසනවා.
එම ප්‍රදේශයේ මාර්ග දෙපස ඇති CCTV දර්ශන පරික්ෂා කිරීමෙන් පා පැදියකින් ගමන් කර නැවත පැමිණෙන සැකකාර සිසුන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර මොවුන් විසින් Sanitizer දියර යොදා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






