ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 9.00 සිට රාත්‍රී 9:30 දක්වා පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙයි.
එමෙන්ම P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




