කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම ගුවන්තොටුපලවල සිදුකෙරෙන ප්‍රභූ පර්යන්තයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ප්‍රභූ පර්යන්තය ( VIP) සහ විශේෂ සත්කාර සඳහා වන සේද මාවත (CIP) මගී නිෂ්කාශන කටයුතු හෙට (06) සිට නවතා දමන බවත් රටේ උද්ගතවී ඇති අර්බුද අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා පාලකයින් විසින් නිශ්චිත විසඳුමක් ලබා දෙන තුරු මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් නියැලෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




