පසුගියදා (03) නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 270 ක ජනන යන්ත්‍රයක සිදු වූ කාර්මික බිඳවැටීම හේතුවෙන් දැනට සිදු කරන විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව දැනට පවතින පැය 03 යි විනාඩි 20ක විදුලි කප්පාදුව පැය 5ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.
ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති අනිල් රංජිත් මහතා කියා සිටියේ මෙම තත්වය හමුවේ විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබා ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර ඉල්ලුමට සරිලන පරිදි ජල විදුලිය ලබාදීමට මහවැලි අධිකාරිය එකඟ වූ බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බව ඔහු අනතුරු අඟවනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




