' ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු' යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත විරෝධතා පාගමනක් අද (05) දහවල් 12 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වීමට නියමිතයි.
හොරා කෑ මුදල් නැවත අයකර ගැනීම, සමාගම් විසින් නො ගෙවන ලද බදු නැවත අයකර ගැනීම, පසුගිය කාලය තුළ සිදු කළ අතුරුදන් කිරීම් සහ ඝාතන පිළිබඳ නැවත විමර්ශනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




