එක් පාරිභෝගිකයෙකුට දිනකට නිකුත් කළ හැකි උපරිම භූමි තෙල් ප්‍රමාණය ලීටර 5ක් ලෙස සීමා කර තිබෙනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මීට පෙර සඳහන් කළ පරිදි බැරල් සහ භූමිවලට ඉන්ධන නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙසයි.
මේ අතර ධීවර ජනතාව වෙත භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක් ඉදිරිපත් කළ යුතු අතර අනෙකුත් කර්මාන්ත කටයුතු වල නිරත වන පුද්ගලයන් සඳහා අදාළ ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය යටතේ විධිමත් ආකාරයට ඉන්ධන නිකුත් කරන ලෙස එමගින් වැඩිදුරටත් නිවේදනය කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





