විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 17 වනදා දක්වා කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තා.
විරෝධතාවයේ නිරත වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට අද දිනයේත් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කිරිම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුණා.
මේ අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ලබන 09 වන දා පක්ෂ නායක රැස්වීමක් ද කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




