රටේ පවතින ප්‍රශ්නවලට විසදුම් සොයනවා වෙනුවට පාර්ලිමේන්තුව තුළ එකිනෙකාට මඩ ගසා ගන්නා බව හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුව අමතමින්.
"ඇත්තවශයෙන්ම ඒක දිහා බැලුවහම මිනිස්සු කියල තියෙන දේ මේ මුළු පාර්ලිමෙන්තුවටම සාප කරනවා. අපි මේ දවසත් නාස්ති කළා කියලා. අපි නිකන් ගහගන්නවා. ආණ්ඩුවයි විපක්ෂයයි ගහගන්නවා. විපක්ෂයයි ආණ්ඩුවයි ගහගන්නවා. විපක්ෂයයි විපක්ෂයයි ගහගන්නවා.අද අපි දිහා බලාගෙන ඉන්නේ, අපි එන හැමතැනම ඩීසල් නෑ. ගන්න මුදල් නෑ. ආහාර නෑ. අපි දන්නේ නෑ ජූනි මාසේ වෙනකොට මොකක්ද තත්ත්වය කියලා. බැරිද මේ සභාවට ඒක හොයලා දෙන්න. අද අපිට එකඟවෙන්න තියෙන්නේ ඒ මිනිස්සු එකක මේක හොර ගුහාවක් කියලා. කරන්න බැරිනම් ගෙදර යන්න කියලා. අපි මුකුත් කරලා නෑ. මේ කාලසීමාව තුළදී අපි නිකන් කතාකළා. අපි මඩ ගැහුවා. එච්චරයි අපි මේ සභාවේ කරලා තියෙන්නේ. එතකොට ජනතාවට කියනවද අපි එක්ක ඉන්න කියලා. අපි ගැන විශ්වාසය තියෙනවාද. අදත් එක දවසක්. අපි මේ ගැන හරියට කතාකළේ නැත්නම් අපිට අනාගතයක් ගැන හිතන්න එපා. ඊයේ මොකක්ද අම්පාරේ වුණේ. ? පොලිසියේ කී දෙනෙක්ට ප්‍රශ්න ඇති වුනාද ? මේ කියන මන්ත්‍රීතුමාගේ ගෙදර වටකලොත් මේ කොහාටද යන්නේ. අපි කොතැනට ද යන්නේ. ""මේ රටේ ප්‍රශ්න විසඳන එකයි තියෙන්නේ. ඒකයි අපි ආණ්ඩුවට කිව්වේ. කරුණාකරලා මේක විසඳන්න, රටේ ජනතාව කියන්නේ රාජපක්ෂවරු යන්න කියලා. මම ඉන්නවා විශ්වාසභංග යෝජනාවේ. මගේ සහයෝගය අවශ්‍ය නැත්නම් කියන්න අයින් වෙලා ඉන්නම්. මට ප්‍රශ්නයක් නෑ. අපි මෙතනට ඇවිල්ලා නිකන් කෑ ගහලා කතාකරලා යනවානම්. මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි. මම කියන්නේ මෙතන මේ සභාවේ අද අපි මොකක්ද කරන්නේ කියලා තීරණය කරමු කතාව පටන්ගන්න ඉස්සෙල්ලා අපිට මේක ගෙනියන්න බැරිනම් ගරු කථානායක තුමා මේක නවත්වලා ගෙදර යමු. අපාහු පැය 6ක් මෙතන ඉඳලා ටෙලිෆෝන් වලින් සමාජ මාධ්‍යවලින් බැනුම් අහන්න අපිට ඕන නෑ."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




