මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ රට තුළ පවතින වත්මන් තත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බවයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති අතර අත්තනෝමතික එලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා හදිස්සි නීතිය භාවිත නොකළ යුතු බව නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර මෙවන් අවස්ථාවක හදිසි නීතියක් පැනවීම සම්බන්ධයෙන් සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බවත් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙසත් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




